දේශබන්දු පොත් 5ක් කියවා අවසන් ; CIDය කට උත්තරයකුත් අරගෙන!
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩ තහනමකට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේවන විට රඳවා සිටින්නේ දුම්බර බන්ධනාගාරයේ කේ වාට්ටුවේ උඩු මහලේ තනිව සිරමැදිරියක බව වාර්තා වේ.එසේ ඔහුව තනිව රඳවා සිටින්නේ ඔහුගේ ආරක්ෂාව සලකා බවද පැවසේ.
කෙසේවුවද, ඔහු සිටින කේ වාට්ටුවේ උඩුමහලේ ඇති සිරකුටිවල ඔහු හැරෙන්නට වෙන කිසිදු රැඳවියකු නැතැයි ද පැවසේ.
දුම්බර බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් අතර වඩාත් කතා බහට ලක්ව ඇත්තේ දේශබන්දු මහතාගෙන් වෙනත් ප්‍රභූ සිරකරුවන් මෙන් කිසිදු කරදරයක් නොවන බවයි.
ගෙවුණු දින පහ තුළ ඔහු තමාගේ පාඩුවේ සිර මැදිරියට වී සිටින බවත්, ඔහු බන්ධනාගාරයෙන් කරන ලද දෙවැනි ඉල්ලීමට අනුව මේවන විට ඔහුට බන්ධනාගාරයේ පුස්තකාලය පරිශීලනය කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි.
ඔහු ඒ අනුව මෙතෙක් බන්ධනාගාරගතව ගෙවුණු දින 5 තුළ පොත් 5ක්ම කියාවා අවසන් කර ඇතැයි ද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අතර, ඊයේ හා පෙරේදා දිවලදී බන්ධනාගාරයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
දේශබන්දු පොත් 5ක් කියවා අවසන් ; CIDය කට උත්තරයකුත් අරගෙන!
2025-03-26T08:03:00+05:30
Gossip Lanka Hot News






