තුවාල සහිතව ගල්කිස්සේ නීතිඥවරියකගේ නිවසක මිදුලේ වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය ප්‍රකට මාධ්‍යවේදිනියකවන ශ්‍රියානි විජේසිංහගේ සැමියාගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය ඊයේ (04) නියෝග කළාය.
මෙලෙස මිය ගොස් තිබුණේ අගොස්තිනුගේ සමරජීව නැමැති දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය තැනැත්තාගේ බිරිය ජාතික පුවත්පත් කිහිපයක කර්තෘ මණ්ඩලයේ සේවය කළ ප්‍රකට මාධ්‍යවේදිනියකවන ශ්‍රියානි විජේසිංහය.
ත්‍රී රෝද රථයක් කුලී කරමින් රැකියාව කරන සමරජීව ජනවාරි මස 01 වැනිදා රැකියාවට ගොස් නැවත නිවස කරා නොපැමිණිම නිසා ඒ පිළිබඳව සොයා බැලීමේ දී ඊට පසුදින එනම් ජනවාරි 2 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් හමුවී ඇති අතර ජනවාරි මස 03 වන දින උදෑසන ඔහු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිටින බවට නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකතන ඇමතුමකට අනුව රාත්‍රී 11 ට පමණ දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බැලුවද තුවාල සහිත පුද්ගලයා එම අවස්ථාවෙහිදී රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු නොකිරීමත්, තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කර තිබීමත් සැකයට තුඩු දෙනු ලබන බවත් මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය මේ වන තෙක් නිසි විමර්ශනයක් සිදු කර නැති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණය හමුවේ පැවසීය.
සියලු කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් ලෙසට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇති ආකාරය නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණයට පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවේ දී දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයි අධිකරණය ද නොමග යවනසුළු ප්‍රකාශ ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධව වෙනත් චිත්‍රයක් මැවීමට කළ උත්සාහයේ දී නීතිඥ ගීත්ම ප්‍රනාන්දු ඡායාරූප, වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් අධිකරණය ඉදිරියේ දෙහිවල පොලිසියේ හැසිරීමත් මේ සිද්ධියේ බරපතල ප්‍රශ්න සහගත ස්වරූපයත් සම්බන්ධව දැඩිව ප්‍රශ්න කර සිටියේය.
මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි බව අධිකරණයට අවධාරණය වීමෙන් අනතුරුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු , නීතිඥ රජී වසන්ත වෙල්ගම ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වූයේය.
මෙම නඩුව නැවත මාර්තු මස 18 වන දින කැඳවීමට නියමිතය.

-lankasara