රනිල්ට දර්ශණයක් තියෙනවා.. රාජ්‍ය සේවයට තව පුරවන්න බෑ.. පිරෙවුවොත් කඩා වැටෙනවා..- ලාල් කාන්ත
ලාංකීය සමාජය ඇතුළ නියෝ ලිබරල් වාදය වෙනුවෙන් පෙනී සිටි දේශපාලඥයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාත්න මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් මහින්ද රාජපක්ෂට එවන් දහමක් නැති බවද ඔහු කියා සිටියි.
රනිල් වික්‍රමසිංහ මහතාට දර්ශනයක් තියෙන මනුස්සයකු බවත් මහින්ද රාජපක්ෂයට කිසිදු දර්ශනයක් නැතිව සමාජය පමණක් නඩත්තු කළ අයකු බවත් හෙතෙම පැවසුවේය.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
රාජ්‍ය සේවයට තවදුරටත් සීමාවකින් තොරව පුද්ගලයන් බඳවා නොගත යුතු බවද පැවසූ ඔහු රජය මැදිහත් විය යුත්තේ රාජ්‍යයෙන් එළියේ පුද්ගලික අංශය තුළ රැකියා උත්පාදනයට බවත් එහිදී කියා සිටියේය.
-lankacnews
රනිල්ට දර්ශණයක් තියෙනවා.. රාජ්‍ය සේවයට තව පුරවන්න බෑ.. පිරෙවුවොත් කඩා වැටෙනවා..- ලාල් කාන්ත
2025-03-28T21:22:00+05:30
Gossip Lanka Hot News






