අධිකරණ තීන්දුවෙන් ප‍්‍රසන්න විශාල කරදරේක.. තව මාසයක් හැංගිලා ඉන්න වෙයි…
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම විභාගයට ගන්නේද නැද්ද සම්බන්ධයෙන් නියෝගය ප‍්‍රකාශ කිරීම අප්‍රේල් මස 28 වැනිදා දක්වා කල්දමා තිබේ.
අභියාචනාධිකරණය විසින් එකී පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව මේ බව දැන්වීය.
නීති විරෝධීව රජයේ ඉඩමකට ලිපි ලේඛන සකසා විකිණීමේ සිදුවීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු අතුරු නියෝගයක් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
සිදුවීමට අයත් සෙසු සැකකරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර ප්‍රසන්න රණවිර මහතා ප‍්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
අධිකරණ තීන්දුවෙන් ප‍්‍රසන්න විශාල කරදරේක.. තව මාසයක් හැංගිලා ඉන්න වෙයි…
2025-03-28T21:18:00+05:30
Gossip Lanka Hot News






