එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ හුදකලා විහාරස්ථානයක වැඩ විසු ස්වාමීන් මහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කල බවට සැක පිට එම විහාරස්ථානයේ හිමි නමට අයත් ත්‍රී රෝද රථය පැදවූ තරුණයා සැකපිට අත්අඩංගුවට ගැනීමට එප්පාලවල පොලීසිය කටයුතු කර ඇත.
මොහු මීට දින කීපයකට ඉහත දී ඝාතනයට ලක් වූ හිමිනමගේ ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස සේවයට පැමිණ ඇති අතර පසුගිය 23වන දින පස්වරුවේ හිමිනම සමඟ බහින් බස්වීමක් ඇතිවී පොල්ලකින් පහර දී උන් වහන්සේගේ ජංගම දුරකථන දෙකක්ද රැගෙන ත්‍රී රෝදරථයෙන් එප්පාවලට පැමිණි බවත් එසේ පැමිණෙමින් සිටියදී ත්‍රිරෝද රථයේ දෝෂයක් ඇතිවීම හේතුවෙන් රථය එප්පාවල රෝහල ඉදිරිපිට දමා වෙනත් ත්‍රීරෝද රථයකින් එප්පාවල නගරයට ගොස් තවත් ත්‍රිරෝද රථයක නැගි අනුරාධපුරයට ගොස් බස් රථයකින් කටුනායක දක්වා ගමන් කර ඇති බව පොලීසියට ප්‍රකාශ කර තිබේ.
අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අදාළ ඝාතනය සිදු වූ විහාරස්ථානය වෙත සැකකරු ඊයේ (27) පෙරවරුවේ රැගෙන ආ අතර ඔහු විසින් හිමිනම ඝාතනය සඳහා යොදා ගත් පොල්ලක් ද පොලිසියට පෙන්වනු ලැබීය.
අනතුරුව ඔහු ත්‍රි රෝද රථයෙන් යමින් සිටියදී පලුගස්වැව ප්‍රදේශයේ දී ස්වාමීන් වහන්සේගේ ජංගම දුරකථනයත් ඒ.ටී.එම් කාඩ්පත් කීපයක් ඇතුලු ලිපි ලේඛණ කීපයක් විසිකර දැමූ ස්ථානයක්ද පොලිසියට පෙන්වා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර අද පස්වරුවේ තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
-ශ්‍රියානි විජේසිංහ