gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිනි තබාගෙන සිය දිවි හානිකරගත් බව කී චාවකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය ගැන සැකයක්!

සිය දිවි නසා ගැනීමක් නොව මිනී මැරුමක් බව ප්‍රාදේශීය ලේකම්වරියගේ පියා පොලිසියට පැමිණිලි කරලා...
සිරුරට ගිනි තබා ගෙන මියගිය බවට තීරණය වූ යාපනය චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරියගේ මරණය සැක සහිත බවට ලද පැමිණිලි හේතුවෙන් චාවාකච්චේරි පොලීසිය එම මරණය සම්බන්ධයෙන් ඊයේ (01) යළි පරීක්ෂණ ආරම්භ කොට තිබේ. 
සහකාර ප්‍රාදේශීය ලේකම් තමිලිනී සදීසන් සයමස් ගැබිණියකව සිටියදී පසුගිය පෙබරවාරී මස 16 වෙනි දින යාපනය ශික්ෂණ  රෝහලේදී මියගියේ පිලිස්සුම් තුවාල ලැබීම නිසාය.

ඇගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරියගේ ස්වාමියා ප්‍රකාශ කොට තිබුණේ අත් වැරදීමකින් ඇගේ සිරුරට ගිනි ඇවුලුණු බවය.

එහෙත් ඉදිරිපත් වූ තවත් සාක්ෂි මත එම මරණය සියදිවි හානි කර ගැනීමක් බවට තීන්දු වීමෙන් පසුව අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඇගේ දේහය ඥාතීන් වෙත බාර කෙරුනි.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකුවන අතර ඔහු හා බිරිය රෝහල්ගත කරන විට ප්‍රකාශ කොට ඇත්තේ කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිලුණු බවය.

අවුරුදු 36 ක් වූ මෙම නිලධාරිනිය සිය සේවාව දැඩි කැපවීමකින් ඉටු කළ නිලධාරිනියක වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

මේ අතරවාරයේ මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ පියා වන පී. ෂන්මුගරාජා නැමැත්තා කෝපායී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ තම දියණිය සිය දිවි හානි කර ගත් බවට ඉදිරිපත්වන තොරතුරු සාවද්‍ය බවත් මේ මරණය මිනීමැරුමක් බවට තමන් විස්වාස කරණ බවත්ය.

මේ සම්බන්ධයෙන් තවත් නිර්නාමික පැමිණිලි හා දුරකතන ඇමතුම්ද පොලීසිය වෙත ලැබී තිබේ.
ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් යළි පරික්ෂණ කෝපායී පොලීසිය විසින් ආරම්භ කොට ඇත.
 
-දිනසේන රතුගමගේ
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka