gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශබන්දු හෙට බාරවන බවට තොරතුරක්… බොහෝ විට රෝහලකින් මතුවේවි! ආරංචි මාර්ග කියයි…

උසාවි නියෝගයකින් පොලිස්පති ධූරයේ රාජකාරි කිරීම අත්හිටවූ දේශබන්දු තෙන්නකෝන් හෙට (03) දිනය තුළ පොලිසියට භාරවනු ඇතැයි අපේක්ෂා කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. ඔහු බොහෝ විට රෝහලකින් මතුවීමට ඉඩ ඇති බවට ද මත පලවී තිබේ. 
වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්දු ගැන අද මාධ්‍යය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවැන්නකි.

“හිටපු පොලිස්පතිව පොලිසියෙන් හොයනවා. හිටපු පොලිස්පති කරුණාකරලා පොලිසියට බාර වෙන්න කියන ඒකයි කියන්න තියෙන්නේ. ”

“මොකද හිටපු පොලිස්පති පස්සේ පොලිසිය ගොඩාක් පන්නන ඒක හොඳ නෑ. ඒ්ක ලැජ්ජයි. ” ඇමතිවරයා පැවසුවේය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා රාජකාරි අත්හිටුවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය නිකුත් කළ දා සිට දේශබන්දු ආගිය අතක් නැති බව කියැවිනි. ඔහුට අයත් නිවාස දෙකක් ද පරීක්ෂා කළ ද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පැවසුවේය. දේශබන්දු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ද සාකච්ඡාවට ගැනුණි.

දේශබන්දුට එරෙහිව අදාල අධිකරණ නියෝගය නිකුත් වන්නේ 2023 දෙසැම්බර් 31 වන දින මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවය.

ඔහුට අමතරව කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු තවත් පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කර තිබිණි.

මිනීමැරුම් කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

පොලිසිය විසින් මාතර මහේස්ත්‍රාත්වරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව, දේශබන්දු තෙන්නකෝන්ට විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka