gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ සියල්ල දන්නවා… ඇත්ත හෙළි කරනවා… ඊට පස්සේ ඕන දේකට මුහුන දෙන්න ලෑස්තියි… ඤාණසාර හිමිගෙන් බරපතල ප්‍රකාශයක්!

මෙතෙක් හෙළි නොවූ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ඇතුළු  සියලුම තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම් බව ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ ඊයේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශක කළහ. මහනුවර ට පැමිණ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැදැකීමෙන් අනතුරුව උන්වහන්සේ ප්‍රකාශ කළේ සියලුම තොරතුරු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නොකරන බවත් ජනාධිපතිවරයා ඇතුළු නීතියක කරවන ප්‍රධානීන් හමුවී තොරතුරු හෙළිදරවු කිරීමෙන් අනතුරුව නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ අනාවරණය කරන බවත්ය.

” තිබුණ ආණ්ඩු වගේම පත්වුණ ආණ්ඩු මේ නීච ප්‍රහාරය ගැන නිසි නීතිමය පියවර ගනී කියලා අපි බලානෙ හිටියා. නමුත් ඒක සිදුනොවන බව පේනවා. ඒ නිසා අපි දන්න සියලුම දේ වගකීමකින් යුතුවආනරවණය කරන්න දැන් සූදානම්.

මා දේ මේ පිළිබඳව මල්වතු අස්ගිරි මහා නායක “හිමිවරුන් දැනුම්වත් කළා. තවදුරටත් මේවා හෙළි නොකිරීමේ තේරුමක් නෑ. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුද කියන එක සුලමුල ඔක්කොම මම දන්නවා. මේවා මාධ්‍ය ඉදිරියේ හෙළි කරන්න බෑ, ”

“මහ මොළකරු කවුද කියන එක. ඔහු හිටියේ කොහෙද කියන එක, ඇසුරු කළේ කවුද කියන එක මරාගෙන මැරෙන ප්‍රහාරයට සහරාන් පුරුදු කළේ කවුද කියන එක, ඇතුළු තවත් බොහෝ තොරතුරු මම දන්නවා. ”

“හැබැයි මේ පිළිබඳව ප්‍රථමයෙන් ජනාධිපතිට වගේම ආරක්ෂක හා නීතිය කරවන ප්‍රධානීන්ව දැනුම්වත් කරනවා. ඊට පස්සේ තමයි මාධ්‍යයට හෙළි කරන්නේ. ”

“ඉතාම වගකීමෙන් තමයි මේ බරපතල ප්‍රකාශය කරන්නේ. එතකොටවත් මේ පරීක්ෂණ මුල ඉඳලා ආපහු පටන් ගනීවි. ඇත්ත වසන් කරන්න ලේසියි. නමුත් මොන දේ කළත් සත්‍ය කවදා හෝ ජය ගන්නවා. මම පෙනී ඉන්නේ ඇත්ත වෙනුවෙන්. ඒක හෙළි කරලා ඕන දඬුවමක් විඳින්න මම සූදානම්. අපට මේක තවදුරටත් හංගාගෙන ඉන්න බෑ. අර ආණ්ඩුවට බාරයි මේ ආණ්ඩුවට බාරයි කියලා බලාගෙන හිටියා ඇති. මේ අයත් මේක කරන්නේ නෑ වගේ පේන්නේ….” ඤාණසාර හිමියෝ කීහ.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka