gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එළියට නාවොත් දේශබන්දුගේ දේපොළ තහනම්? (video)

දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා නීතියට භාර නොවන්නේ නම් ගත හැකි තවත් ක්‍රියා මාර්ග ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි. දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් යොදවා ඇතත් ඔහු තවදුරටත් සැඟවී සිටින බවද හෙතෙම පැවසීය. 
ඒ අනුව අධිකරණ වරෙන්තුවක් මත සැඟවී සිටින පුද්ගලයකුත් සම්බන්ධයෙන් ඔහුගේ දේපොළ තහනමකට යාම සඳහා නීතියේ ප්‍රතිපාදන ඇති බවද ඔහු පැවසුවේය.

තමන්ගේ චංචල හා නිශ්චල දේපල ප්‍රමාණය රැක ගැනීමට අවශ්‍ය නම් සැඟවී සිටින ස්ථානයකින් පැමිණ බාර වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කොළඹ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka