හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 03වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා අත් අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 5 වැනිදා ය. ඒ අපරාධයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද සමගිනි.
මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් අද (24) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.