gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිතුමනි කටුවපිටියෙදි දුන් පොරොන්දු ඉටු කරන්න! අප්‍රේල් 21ට කලින් පාස්කු වගකිව යුත්තන් නීතිය හමුවට ගේන්න! කාදිනල් හිමි මාලිමා ආණ්ඩුවට දින දෙයි!

පාස්කු ප්‍රහාරයේ හයවැනි අනුස්මරණයට පෙර, ඊට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන එන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව ඉටුකරන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ආණ්ඩුව වෙත අවධාරණය කරනවා. 
තවත් මාසයකින් පමණ පාස්කු ප්‍රහාරයේ හයවැනි සංවත්සරය සමරන බව පවසන කාදිනල් හිමිපාණන්, ඊට පෙර මේ සම්බන්ධයෙන් යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් ලැබුණහොත් සතුටුවන බව කියා සිටිනවා. එසේ නොවුණහොත් යළිත් පාරට බැසීමට සිදුවන බවත්, වෙනත් විකල්පයක් නොමැති බවත් 15 වැනිදා පැවැති උත්සවයකට සහභාගි වෙමින් අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් මෙසේද පැවසා සිටියා.

‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එදා කටුවපිටිය දේවස්ථානයේදී අතිගරු ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව හැකි ඉක්මනින් ඉෂ්ට කරන්න. ඒ අය කිවුවේ කාලයේ වැලිතලාවට මෙහි සත්‍යය යටපත් වෙන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඒ නිසා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. මොකද පාස්කු ප්‍රහාරය පිළිබඳ අපි නිහඬ නෑ. අපි බලාගෙන ඉන්නවා. අපි බලය දුන්නා. දැන් ඒ බලය පාවිච්චි කරලා ඒ පිළිබඳ හරියාකාර විමර්ශනයක් කරලා අවශ්‍ය නීතිරීති සම්පාදනය කරලා නීති වෙනස් කරන්න අවශ්‍ය නම් වෙනස් කරලා යුක්තිය හා සත්‍යය හෙළිකරන්න. මේ පිළිබඳ රහසිගතව ඒවා සඟවාගෙන එක එක්කෙනා සමග ඩීල් නොදා සත්‍යය වෙනුවෙන් කටයුතු කරන ලෙස වත්මන් පාලනයෙන් ඉල්ලා සිටිනවා…’
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka