ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට පොහොට්ටුව සමග යළි දේශපාලනය ආරම්භ කරන බව හිටපු ඇමැති ලොහාන් රත්වත්තේ මහතා කීය. අද මහනුවරදී මාධ්‍ය අමතමින් ඒ මහතා කියා සිටියේ පසුගිය කාලයේදී යම් අසතුටුදායක සිදුවීම් හේතුවෙන් මාස 3ක පමණ කාලයක් දේශපාලන කාර්යාලය වසා තැබූ බවත්, දැන් නැවතත් එය විවෘත කොට ඇති බවත්ය.
කෙසේවෙතත් ඉකුත් පාලන සමයේදී රත්වත්තේ මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඒ මහතාට සහාය පළ කිරීමට පියවර ගෙන තිබිණ.