දේශබන්දු ඇතුළට යද්දි අනෙක් සීසීඩී නිලධාරීන් 6 දෙනාට ඇප… සැකකරුවන් හෙට අධිකරණයට විශේෂ ප්‍රකාශයක් දෙන්න සූදානම්…
වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් අධිකරණයට භාර වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන්වන සැකකරුවන් 7 දෙනාගෙන් 6 දෙනා රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
වැලිගම සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවන් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ එවකට සේවය කළ නිලධාරින් 07 දෙනාගෙන් 06 දෙනෙකු අද පෙරවරුවේ මෝසමක් මඟින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවුණි.
එහිදී අදාළ සැකකරුවන් වෙනුවෙන් ඇප අයදිමින් ඔවුන්ගේ නීතිඥයින් කියා සිටියේ, වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ඇසින් දුටු සාක්ෂි ලබාදිය හැක්කේ මෙම සැකකරුවන්ට පමණක් වන බවය.
ඔවුන් ඉදිරියේදී මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වේ. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.
දේශබන්දු ඇතුළට යද්දි අනෙක් සීසීඩී නිලධාරීන් 6 දෙනාට ඇප… සැකකරුවන් හෙට අධිකරණයට විශේෂ ප්‍රකාශයක් දෙන්න සූදානම්…
2025-03-22T09:08:00+05:30
Gossip Lanka Hot News






