gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණේ පාතාලය නීතිය තඹයකට මායිම් නොකරයි! දෙවුන්දර දේවාලය ඉදිරිපිටදී වෙඩි වරුසාවක්! වාහනයකින් ආ පිරිසක් අවුරුදු 28 හා 29 හැවිරිදි තරුණයන් දෙදෙනකුට වෙඩි තබා මරා දමයි! VIDEO

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ.

ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා තිබේ.

ඉන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් සොයාගැනීමට  හැකිව තිබේ.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනිතබා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

එය තුළ ටී-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටී-56 උණ්ඩ කොපු හමු වී තිබේ.

මෙම වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදීෂාන් හා පසිදු තාරුක නැමති 28 හා 29 වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.
 
වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත්  මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අළුයම් කාලයේදිම සිදු කළේය.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් හෝ මෙම වෙඩිතැබීමට හේතුව පිලිබඳව මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැත.

වෙඩිතැබීම සම්බන්ධයෙන් ⁣පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka