gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රාදේශීය සභා මැතිවරණයකට නාම යෝජනාවක් ඉදිරිපත් කරගන්න බැරි දිලිත්ගේ පක්ෂය… පොලොන්නරුවේ පළාත් පාලන ආයතන 08න් 5කම නාම යෝජනා ප්‍රතික්ෂේපිතයි

පළාත් පාලන ඡන්ද වීමසිමට අදාලව පොලොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්කය තුළ පොලොන්නරුව මහ නගර සභාවට සහ පළාත් පාලන ආයතන 07 කට පෙරේදා (20) නාම යෝජනා භාර දුන් දිලිත් ජයවීරගේ සර්ව ජන බල පක්ෂයේ නාම යෝජනා පළාත් පාලන ආයතන 03ක හැර අනෙක් සියල්ලෙන් ප්‍රතික්ෂේප වී තිබීම පක්ෂ අභ්‍යන්තර ගැටමක ප්‍රතිඵලයක් දැයි සාකච්ඡාවක් මතු වී තිබේ.

සර්ව ජන බල පක්ෂයේ පොලොන්නරු දිස්ත්‍රික් නායකයා ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍ර දහම් සිරිසේන කටයුතු කරන අතර පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු කැබිනට් ඇමතිවරයෙක්වන රොෂාන් රණසිංහය.

ඒ අනුව පොළොන්නරුව නගර සභාවට පක්ෂ 07 කින් නාම යෝජනා භාරදුන් අතර සර්ව ජනබලය පක්ෂයේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූයේය.

තමන්කඩුව ප්‍රාදේශීය සභාවට නාම යෝජනා පක්ෂ 07 කින් ඉදිරිපත් කළ අතර එයින් ද සර්ව ජනබලය පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.
.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා ද පක්ෂ 09 ක් නාම යෝජනා දුන් අතර මෙහිදී සර්ව ජන බලය පක්ෂයේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නාම යෝජනා ද ප්‍රතික්ෂේප වූයේය.

වැලිකන්ද ප්‍රාදේශීය සභාව වෙනුවෙන්, පක්ෂ 06 කින්ද නාම යෝජනා ලබාදී තිබූ අතර එහිදී ද සර්වජන බලය පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා ද පක්ෂ 09 ක් නාම යෝජනා දුන් අතර මෙහිදී සර්ව ජන බලය පක්ෂයේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නාම යෝජනා ද ප්‍රතික්ෂේප වූයේය.

වැලිකන්ද ප්‍රාදේශීය සභාව වෙනුවෙන්, පක්ෂ 06 කින්ද නාම යෝජනා ලබාදී තිබූ අතර එහිදී ද සර්වජන බලය පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.

දිඹුලාගල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා 09 ක් පක්ෂ 09 කින් ලබාදී තිබූ අතර එයින්ද සර්ව ජන බලය පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.

ලංකාපුර ප්‍රාදේශීය සභාව ඇලහැර ප්‍රාදේශීය සභාව සහ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේදි පමණක් දිලිත්ලාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූයේ නැත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීමට ලබාදුන් නාම යෝජනා පත්‍රවල කාන්තා හා තරුණ අනුපාතය තුලනය නොවීමත්, පුද්ගලයින්ගේ නම්වල සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වීමට හේතු වූ බවද පොළොන්නරුව සහකාර මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka