gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ඇමතිතුමා ජාතික ආරක්‍ෂාව තහවරුයි කියන්නෙ මේකද..’ – මාධ්‍යවේදීන් වටගලට සසර කලකිරවයි (VIDEO)

අලුත් කඩේ මහාධිකරණ සංකීර්ණය තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගෙන් විමසීය.

අධිකරණය ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට පිළිතුරු නොදී හැකි ඉක්මනින් පිටව යාමට උත්සාහ දරනු ලැබීය.

කෙසේ වෙතත් ඔහු ඉතා කෙටියෙන් කියා සිටියේ සිදුවීමට සම්බන්ධ සියළු පුද්ගලයන් හදුනාගෙන ඇති බවයි.

අධිකරණය සංකීර්ණයක සැකකරුවන් එළිපිට වෙඩි තබා මරා දමන්නේ නම් ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විමසුවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා කලබලකාරී ස්වභාවයෙන්ම තම වාහනය ගෙන්වාගෙන එතනින් පිටව යාමට උත්සාහ කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka