gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයවැය කඩදාසියකට සීමාවුණ එකක් – පොහොට්ටුව

ජනාධිපතිවරයාගේ මංගල අයවැය කොළයකට පමණක් සීමාවීම නතර කළ නොහැකි බවත්, එය යථාර්තයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

රටට විදේශ විනිමය ලබා ගැනීමට අලුත් ආයෝජන අවශ්‍ය බවත්, පවතින ආයෝජනවත් ආරක්ෂා කරගැනීමට රජය උත්සාහ නොකරන බවත් ඔහු කීවේය.

රාජ්‍ය සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සංචිතයට මාරුකර කනිෂ්ඨ නිලධාරීන් ඉහළ තනතුරුවලට පත්කර රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවද ඔහු කීවේය.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව මුලින්ම සිදු කරනු ලැබුවේ තමන්ගේ මැතිවරණ වේදිකාවේ සිටි විශ්‍රාමික පොලිස් නිලධාරීන්ව රජයේ ආරක්ෂක අංශවල ඉහළම තනතුරු සඳහා පත්කර ගැනීම බවද ඔහු පැවැසීය.

නීතිපතිවරයාට තර්ජනය කරමින් සිය අවශ්‍යතා වෙනුවෙන් නීතිපතිවරයා යොදා ගැනීමට උත්සාහ දරන බවත්, නීතිපතියාගේ බලය ඉවත්කර අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට උත්සාහ කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

මේ රටේ සාමාන්‍ය ජනතාවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද අහිමි කරමින් සිටින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ මැරයන් නිවාසවලට යවා ජනතාවට තර්ජනය කරමින් සිටින බවත් ඔහු පැවැසුවේය.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කරන්නට රජය උත්සාහ දරන බවත්, මේ රට උතුරු කොරියාවක් කරන්නට වර්තමාන ජනාධිපතිවරයා සූදානමින් සිටින්නේ දැයි ජනතාව අතර සැකයක් මතුවී තිබෙන බවත් ඔහු කීවේය.

ජනාධිපතිවරයාගේ ඡන්ද පොරොන්දු කිසිවක් අද ඉටු නොවන තත්ත්වයක් මතුවී ඇති බවද ඔහු පැවැසීය.

මූලාශ්‍රය – අරුණ
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka