පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වේ-ඡන්ද 158ක්-විරුද්ධව කවුරුත් නෑ!
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සංශෝධන නොමැතිව විශේෂ බහුතරයකින් සම්මත විය.
එම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය ඊයේ (17) පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්විණි.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187 ක් ප්‍රකාශ විය.
කාරක සභා අවස්ථාවේදී සළකා බැලීමෙන් පසු, පනත් කෙටුම්පතේ තුන්වැනි කියැවීම සඳහා ඡන්ද විමසීමක් කැඳවන ලදී.
ඒ අනුව, එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158 ක් ප්‍රකාශ විය.
විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීම විශේෂත්වයක් විය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ දෙවන කියවීම සහ තුන්වන කියවීම පාර්ලිමේන්තුවේ සංශෝධන නොමැතිව විශේෂ බහුතරයකින් සම්මත විය.
පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වේ-ඡන්ද 158ක්-විරුද්ධව කවුරුත් නෑ!
2025-02-18T08:33:00+05:30
Gossip Lanka Hot News





