gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අයවැයට විරුද්ධව සජබ ඡන්දය ප්‍රකාශය කරයි

අද (25) දිනයේ අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව 2025 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 09.30ට ආරම්භ වන අතර අයවැය විවාදය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

පස්වරු 06.00 දක්වා එම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසුම පැවැත්වෙනු ඇති. 

මේ අතර අද පැවැත්වෙන අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ..

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka