gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනපතිගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව බුද්ධි අංශ දැනුම් දෙයි!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ස්ථානවලදී ජනතාව අතරට යෑමෙන් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් තිබෙනා බව රාජ්‍ය බුද්ධි අංශ ව්සින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

රටේ දැනට පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ දැයි ආරක්ෂක අංශවලට සැකයක් මතුව ඇති බැවින් ජනපතිවරයාට එම දැනුම්දීම සිදුකර ඇතැයි පැවසේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පූර්වගාමී ජනාධිපතිවරුන්ගෙන් ඔබ්බට ගොස් ජනතාව සමීපයටම පැමිණ රැස්වීම් පැවැත්වීම හා ඔවුන් සමග සුහදව කතා කිරීම පසුගිය දිනවල දක්නට ලැබිණි.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මෙම පිළිවෙත සුදුසු නැති බවට ඇතැම් විචාරකයන්ද අදහස් දක්වා තිබිණි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව පැවැසූ නමුත් බොහෝ පාර්ශ්වවල මතය වී ඇත්තේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දීමට නම් ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කළ යුතු බව ය.

එම හේතුවෙන් ආරක්ෂක අංශවල උපදේශය වී ඇත්තේ ජනාධිපතිවරයා ජනතාව සමීපයට යෑම අවම කරන ලෙස බව ද වැඩිදුරට ත් වාර්තා වේ.

-මව්බිම පුවත්පත-
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka