ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිනි පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර පුත්තලම පලාවිය ප්‍රදේශයේදී පැනයමින් සිටි සැකකරු අල්ලාගන්නට පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් සමත් විය.ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම ඝාතනය සම්බන්ද තවත් තොරතුරු හෙළිවෙමින් පවතී.
ඔහු සමග නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි කාන්තාව ගැනද පොලිසිය අනාවරණය කරගෙන ඇතිමුත් ඇයව අල්ලාගෙන නැත.
ඝාතනය සඳහා රිවෝල්වරය රැගෙන ආ බව පැවසෙන කාන්තාව පින්පුර දේවගේ ඉසාරා සෙව්වන්දි නම් වන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් බව පොලිසිය පවසයි. ඇය මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියකි.
ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇය අල්ලාගැන්ම සදහා පොලිසිය මහජන සහය පතයි. ඇය රටින් පැනයාම වැළැක්වීම සඳහා මේ වනවිට ගුවන්තොටුපොළ වෙත අවශ්‍යකරන දැනුම්දීම් සිදුකර ඇති අතර ඇගේ ඡායාරූපයක්ද පොලිසිය නිකුත් කර ඇත.
කොළඹ – අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රබල අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තාව ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගෙන පැමිණි දෙදෙනා පාතාල උවමනාවක් මත ලබාදුන් කොන්ත්‍රාත්තුවකට වැඩකර ඇති බව පොලිසිය අනුමාන කරයි.