gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අලුත්කඩේ ඝාතකයා තොරතුරු රැසක් වමාරයි

19 දින උදෑසන කාලයේදී අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රධාන සැකකරු අද දින සවස පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සැකකරු විසින් තවත් කාන්තාවක් සමඟ සම්බන්ධ වී මෙම ඝාතනය සිදුකළ බවට මූලික විර්මශනවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම මෙම අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙනවිත් ඔහු සම්බන්ධයෙන් ඉදිරි විර්මශන කටයුතු සිදු කිරීමට නියමිතයි. එමෙන්ම මෙම සැකකරු නම් කිහිපයකින් පෙනී සිටි පුද්ගලයෙක් බවටත් මේ වන විට පෙනී ගොස් තිබෙන අතර ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබී ඇත. මෙම සැකකරු සතුව නීතිඥවරයෙකු වශයෙන් නීතිඥ හඳුනුම්පතක්ද තිබී ඇත.

මොහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අසාම් ෂෙරිල්ඩීන් යන නමින්ද, ඉන්පසු සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි යන නමින්ද ඔහු විසින් සකස් කරගෙන තිබූ නීතිඥ හැඳුනුම්පතෙහි කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නමින්ද පෙනී සිට ඇත.

ඒ අනුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විර්මශන වලින් අනතුරුව මොහුගේ සැබෑ තොරතුරු හා මොහු සම්බන්ධ වී තිබෙන අපරාධ එමෙන්ම මෙම අපරාධය සිදුකිරීම සම්බන්ධ ඔහුට ආධාර අනුබල දුන් අයවළුන්, මෙම කුමන්ත්‍රණය සම්බන්ධ සියලු තොරතුරු විමර්ශන වලින් අනතුරුව අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත. මේ සම්බන්ධව ඉදිරි විර්මශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදු කිරීමට නියමිතය.

මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් ඉදිරි විර්මශන කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ඒ අනුව විර්මශනවලදී මතුවන කරුණු මත ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම මෙම අපරාධයට සම්බන්ධ කාන්තාව පිළිබඳවද මේ වන විට විර්මශන සිදුකරමින් පවතින අතර ඇය විසින් අපරාධය සඳහා ආධාර අනුබල දී ඇති බවට දැනට සිදුකල මූලික විර්මශන වලදී අනාවරණය වී ඇත.

එම කාන්තාව පිළිබඳවත් මේ වන විට සාර්ථථක අයුරින් විර්මශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ඉදිරියේදී එම සැකකාරිය නීතිය රැහැනට හසු කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරනු ඇත.

– පොලිස් මාධ්‍ය කොට්ඨාසය
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka