gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වියරු වැටුන සංජීවගේ කල්ලියෙන් පද්මෙගේ පාසල් මිතුරාට වෙඩි වරුසාවක්!

මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීම කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

වයස 36ක් පමණ වන වෙඩි වැදුනු පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

වෙඩි වැදුනු පුද්ගලයා ත්‍රීරෝද රථගාලේ සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර තුවාලකරුගේ පාදයකට සහ අතකට වෙඩි වැදී ඇත.

ඔහු මේ වනවිට ඔහුව ගම්පහ රෝහලට මාරුකර යවා තිබෙනා ඇති අතර මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka