gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසර 10කට පසුව රනිල්ට නඩු!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වංචාවට වගඋත්තරකරුවකු කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කරයි.

බැඳුම්කර වංචාව සම්බන්ධ නීතිමය කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒම වැදගත් වන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

විවාහ මංගල උත්සවයකට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගිය බවට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළද, ඔහු මෙරටට ගෙන්වා දී තමන්ට එල්ල වන චෝදනාවෙන් නිදහස් වීමට කටයුතු කිරීම රනිල් වික්‍රමසිංහගේ වගකීමක් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සදහන් කළේ,

“ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගිය සුමානේ මට අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා හමුවුණා. ඒ වෙලාවේ එතුමා කීවා, විවාහ මංගල උත්සවයකට ගිහිල්ලා එනවා කියලා. අර උදයංග වීරතුංග වගේ එතුමා පැනලා ගිහින් නෑ.”

කෙසේ වෙතත් බැඳුම්කර වංචාවට වසර 10ක් සම්පුර්ණ වී ඇති මොහොතක තවමත් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට රැගෙන ඒමට හෝ එවකට අගමැති, මුදල් ඇමති රනිල් වික්‍රමසිංහට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොහැකි වී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka