gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අලුත්කඩේ ඝාතන ජය ඉහලින්ම සමරයි... මැදියම් රැය පනින තුරු තරු සාදයක්!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව වෙඩි තබා මරා දැමීමෙන් සතුටුවූ ඔහුට විරුද්ධ පාර්ශ්වයක් මධ්‍යම රාත්‍රිය වනතුරු ඩුබායි රාජ්‍යයේ මත්පැන් සාදයක් පවත්වා ගී ගයමින් සතුටු වී ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාදය සඳහා මෙරට ප්‍රමුඛපෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇතැයි වාර්තා වේ.

සංජීව මරා දමන්නට තුවක්කුකරු කළ කැපවීම ඔවුන්ගේ කතාබහේ මාතෘකාව වී තිබූ බවද කියැවේ.

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින ගණේමුල්ල සංජීවට එරෙහි මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු ඩුබායි පොලිසිය මඟින් සිදුකරන වැටලිම්වලට කොටු නොවී සිටීම සඳහා තායිලන්තය ඇතුළු වෙනත් රටවලට පැන ගොස් සිටින බවත් සංජීවගේ මරණය සැලවීමෙන් පසු ඔවුන් වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ සතුට සමරා ඇති බවද කියයි.

කෙසේ වෙතත්, ගණේමුල්ල සංජීවට එරෙහි තවත් පාර්ශ්වයක් පවසන්නේ සංජීව ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් පාර්ශ්වය විසින් ම තුවක්කුකරු සම්බන්ධයෙන් ඔත්තුව ද මෙරට ආරක්ෂක අංශවලට ලබා දෙන්නට ඇති බවට සැක කරන බව ය.

ඔවුන් එලෙස ක්‍රියාකරන්නේ තුවක්කුකරුට පොරොන්දු වූ මුදල් නොගෙවා සිටීමට බව ද සඳහන් වේ.

– කීර්ති මෙන්ඩිස්
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka