gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කිඹුල් කඳුළු හෙළන දේශපාලනඥයන්ට කඩේ ගිය “කජ්ජාගේ” කෙරුවාව මෙන්න

මිද්දෙනිය අරුණ විදානගමගේ හෙවත් “කජ්ජා” ඉකුත් කාලවකවානුවේදී තංගල්ල, මිද්දෙණිය, කරන්දෙණිය, මීගම්ආර, මැදමුලන යන ප්‍රදේශ වල අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බව පොලීසිය සදහන් කරයි.

මෙම පුද්ගලයා දේශපාලන හයිය අතට ගෙන “මිද්දෙනියේ කජ්ජා” නමැති අන්වර්ථ නාමයෙන් දකුණේ ප්‍රචලිතව සිටි අතර ඔහු දරු තිදෙනකුගේ පියෙකි.

පාතාලයේම ගොදුරක් වූ මිද්දෙනිය කජ්ජා අවසන් හුස්ම පොද හෙළූ තැන සිලි බෑගයක බහා තිබු මාංචු කුට්ටම් දෙකක් පොලිසිය සොයාගෙන ඇති අතර ඔහු මීට පෙරාතුවද මංචු සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඝාතනයට ලක්වු මිද්දෙනියේ කජ්ජා සිදුකළ අපරාධ කිහිපයක් පහතින්..

*පසුගිය 2022 වසරේ අරගල සමයේදී දේශපාලනඥයෙක්ගේ නිවෙසක් ගිනිබත් කිරීමට පැමිණි අරගලකරුවන්ට වෙඩි තබා තිදෙනෙක් ඝාතනය කිරීම.

*පසුගිය 2021 වසරේ බස් රථයක මුදල් කොල්ලකෑම, මිනීමැරීමේ චෝදනාවක් එල්ලවීම.

*පසුගිය 2019 වසරේ ඇඹිලිපිටියේදී පුද්ගලයකුට මරණ තර්ජනය කර කප්පම් ගැනීම.

*පසුගිය 2019 වසරේ T-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග පොලිස් අත්අඩංගුවට ගැනීම.

*පසුගිය 2019 වසරේ ජීප් රථයක් කොල්ලකෑම.

*පසුගිය 2019 වසරේ ත්‍රිරෝද රථයක් පැහැර ගැනීම.

*පසුගිය 2014 වසරේ මිද්දෙනිය ප්‍රදේශයේදී නිවසකට පැන කොල්ලකෑම.

වෙඩි තැබීමෙන් මියගිය දරු දෙදෙනා පිළිබඳව රටම කම්පා වන අතර මිද්දෙනිය කජ්ජා ඝාතනය කළේ කවුරුන්ද.? මෙම ඝාතනයට දේශපාලඥයන් සම්බන්ධයිද.? යන්න ප්‍රශ්නය මතු වුවද ඔහුත් සමග අපරාධ රැසක සුලමුලද සැඟවී ගොස් ඇත.

කජ්ජා මැද මුලන, තංගල්ල, මිද්දෙනිය, කරන්දෙනිය, මීගම්ආර ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන පාතාල ක්‍රියාකාරකම් කරගෙන යනවිට දකුණේ දේශපාලනඥයන් අහක බලාගෙන සිටි අතර දැන් පාර්ලිමේන්තුව තුළ කිඹුල් කඳුළු හෙළන ඇතැම් දේශපාලනඥයන් පාතාලය හිස ඔසවා ඇති බවට වත්මන් පාලනයට ඇඟිලි දිගු කරයි.

රට තුළ පාතාලය හිස ඔසවා තිබීම කෙසේ වෙතත් මෙම ඝාතනය වෙමින් තිබෙන්නේ ප්‍රධාන ඝාතන වල ප්‍රධාන සාක්ෂි වන අතර ඔවුන් මෙලෙස ඝාතනය කරන්නේ, සාක්ෂි විනාශ කර දැමීමට ද යන්න සැකයක් මතුව ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka