gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

විද්‍යා ඝාතනයට හිටපු DIGට බරපතල වැඩසහිත සිරදඩුවම්…

යාපනය පුන්කුඩතිව්හි ශිවලෝහනාදන් විද්‍යා  දැරියගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු පළමුව මුදාහැරි බවට චෝදනා එල්ල වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් වව්නියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මිහාල් මහතා විසින් අද (20) දින නියෝග කරනු ලැබීය. 
මීට අමතරව ලලිත් ජයසිංහ මහතාට රුපියල් 50,000ක දඩයක් නියමකර ඇති අතර, එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් වැඩ ඇතිව සිරදඩුවමක්ද නියම කිරීමට වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදි.

ඊට අමතරව සිරිගජන් නැමති පොලිස් නිලධාරීවරයාටද බරපතල වැඩසහිතව වසර 4 ක් සිරදඩුවම් නියම කෙරුනු අතර ඔහු මේ වන විට් රටින් පැන ගොස් ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නියම කිරීමටද වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා පියවර ගනු ලැබීය.

යාපනයේ පාසල් සිසුවියක වන සිවලෝගනාදන් විද්‍යා 2015 වසරේ වසරේදී පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කරනු ලැබූ අතර එම ඝාතන චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය මහාධිකරණ විසින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම කර ඇත.

එම ඝාතන නඩුවේ ප්‍රධන සැකකරු වූ සුවිස් කුමාර් නැමත්තා අත්අඩංගුවට ගෙන මුදාහැරීමේ චෝදනාවට හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස වරදකරුවීම හේතුවෙන් බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම විය.

– වන්නි රොමේෂ් මධූෂංක
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka