gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

හරියට වැඩේ කරන්න බැරි නම් රට මට භාරදෙන්න..! – ඩඩ්ලි සිරිසේන…

මේ රටේ දේශපාලකයන් ප්‍රශ්න විසඳීමට කිසිදු උවමනාවක් නොමැති අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කර සිය පැවැත්ම තක්සේරු කර ගැනීම බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. වී කිලෝවක් සඳහා රු.120ක් නියම කළේ කුමන පදනමක සිට දැයි ප්‍රශ්න කරන හෙතෙම, මෙහි දී බොහෝ රජයන් නිෂ්පාදකයා මරා කන්න දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට චෝදනා කරයි. 
මෙවර පොහොර සඳහා 2025 අයවැයෙන් රු. මිලියන 35 000ක් වෙන්කරන විට 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මිලියන 42 000ක් ඒ සඳහා වෙන් කළ බවත් එකල ඩොලරය රු. 90ක් වුව ද දැන් රු. 300ක් බව ද ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි.

තීන්දු තීරණ ගතයුත්තේ නිවැරදි දත්ත මත පදනම්ව බවත් රට කරවිය නොහැකි නම් තමන්ට භාරදෙන ලෙස ද සියලු දෙනා සමග එකතු වී වගකීම ගැනීමට සූදානම් බවත් ඔහු අවධාරණය කරයි.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka