කට්ටිය වචනය පටලවාගෙන ඇති බවත් මේ වනවිට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැති බවත් හිටපු අමාත්‍ය චම්පික රණවක අද (24) කොට්ටාවේ දී මාධ්‍යයට පැවසුවේය. අද විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී රටේ ජාතික ආරක්ෂාවට ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය තර්ජනයක් වී ඇති බවට කළ ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය විමසීමක දී චම්පික රණවක පැවසුවේ මේ පැහැරගැනීම්, ඝාතනවලින් මතුව පෙනෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොව, මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවය.
“ජාතික ආරක්ෂාව කියන්නේ රටේ රාජ්‍යයට ත්‍රස්තවාදී උවදුරක් හෝ රාජ්‍ය පෙරළා දැමීමේ උවදුරක් හෝ රාජ්‍ය දෙකඩ කිරීමේ කටයුත්තක්. ඒ අවස්ථාවක තමයි ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් ඇති වෙන්නේ.”
“ලංකාවෙ අපට දැන් පෙනෙන්නේ මහජන ආරක්ෂක ප්‍රශ්නයක්. තුවක්කු නිශ්ක්‍රීය කරලා නිරායුද කරලා ඒවා ලබා ගත්ත අය ගැන යම් පියවරක් ලබා ගන්නේ නැතිව මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ”. චම්පික රණවක පැවසුවේය.