මහින්දගේ ගේ ඇදලා ගත්තේ ආණ්ඩුවේ බැරිකම වහගන්න… දේශපාලන දඩයමත් ඒකටම තමයි…! – ගම්මන්පිල…
මැතිවරණ වේදිකාවේ කෙතරම් චෝදනා කළ ද ආණ්ඩුවට ඒවාට නඩු දැමීමට කිසිදු සාක්ෂියක් නොමැති බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
එසේ සාක්ෂි තිබිණි නම් මාස දෙක තුනක් කිසිසේත් ආණ්ඩුව නිශ්ශබ්දව නොසිටින බව ද ඔහු සඳහන් කරයි.
මේ වන විට වී, හාල්, පොල්, ලුනු ප්‍රශ්න සමග ආණ්ඩුවේ අසමත්භාවය තහවුරු වී ඇති පසුබිමක එම කතාව වෙනත් අසතකට යොමු කිරීමට ජනාධිපතිරයා පෞද්ගලිකවම පැමිණ කටුකුරුන්දේ කතාව (මහින්ද රාජපක්ෂගේ නිවස පිළිබඳ) සිදුකළ බව ද ගම්මන්පිල පෙන්වා දෙයි.
එපමණක් නොව විපක්ෂයේ පිරිස් අත්අඩංගුවට ගැනීම, නීතිපති කැඳවා නඩුවල ප්‍රමිතිය විමසීම, ජනවාරියේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා බව ජනපති සිරසට පැමිණ පැවසීම, නි. ආරක්ෂක ඇමති අරුණ ජයසේකර යෝෂිත අත්අඩංගුවට ගන්නා බව දැන සිටි බව පැවසීම ඔස්සේ ආණ්ඩුව සිය අසමත්භවය වසා ගැනීමට සැලසුම්සහගතව දේශපාලන දඩයමක් සිදුකරන බව තහවුරු වන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මහින්දගේ ගේ ඇදලා ගත්තේ ආණ්ඩුවේ බැරිකම වහගන්න… දේශපාලන දඩයමත් ඒකටම තමයි…! – ගම්මන්පිල…
2025-02-05T01:21:00+05:30
Gossip Lanka Hot News






