සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් ලොරි රථ 51න් 43ක්ම විකුණා ඇත්තේ ගැණුම්කරුවන් දෙදෙනෙකු වෙත පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
විවෘත වෙළදපොළ මිල ගණන් කැදවීම් මගින් 2023 වර්ෂයේ නොවැම්බර් මස සිට 2024 වර්ෂයේ ජනවාරි මස දක්වා කාලය තුළදි මෙකි ලොරි රථ විකුණා තිබුණි. ලොරි රථ විකිණිමෙන් රුපියල් දහ අ ටකෝටි, තිස් නව ලක්ෂ,අසු පන් දහස්, එකසිය හතලිස් නවයක මුදලක් (18, 39, 85,149) ලබාගෙන තිබුණි.
එමෙන්ම සමුපාකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ලොරි රථ 37ක් හා යතුරුපැදි 02ක් සංස්ථාවේ ප්‍රවාහන අංශය තුළ නිෂ්කාර්යව ගාල්කර තිබුණි. මෙකී වාහන ස්වාභාවික ආපදාවන්ට ලක්වෙමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ගාල්කොට ඇති අතර මේ වනවිට එම වාහන දිරාපත්වෙමින් ඇතැයි විගණනය කියයි. සංස්ථාව තුළ නොමැති ලොරි රථ 02ක් වසරකට අධික කාලයක් තිස්සේ අලුත්වැඩියා කටයුතු සදහා ගරාජ වෙත යොමුකොට තිබුණි.
සමුපාකාර තොග වෙළද සංස්ථාව ඈවර කිරිම සම්බන්ධයෙන් තිරණය කිරිම සඳහා නිලධාරි කමිටුවක් පත්කොට තිබුණි. එම වාර්තාව මාස දෙකක් තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතු බවට 2023 ජුලි මස 10 වැනි දින අමාත්‍ය මණ්ඩලය මගින් තින්දුකොට තිබුණි.
මෙම කමිටු වාර්තාව මාස 11ක කාල ප්‍රමාදයක් සහිතව 2024 වර්ෂයේ අගෝස්තු මස 23 වැනිදින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට තිබුණි. සතොස ඈවරකිරිමට 2024 සැප්තැම්බර් මස 02 වැනිදින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබුණි. එහෙත් 2024 වර්ෂයේ ඔක්තෝබර් මස 31දින වනවිටත් අමාත්‍ය මණ්ඩල තිරණය ක්‍රියාත්මක කර නොතිබුණි.
සමුපාකාර තොග වෙළද සංස්ථාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.
-ලලිත් චාමින්ද
-lankasara