gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“සෑම ඝාතනයක් පසුපසම දේශපාලකයෙක්” - හිනිඳුම ත්‍රිත්ව ඝාතනය හිටපු ඇමතිවරයෙක් දෙසට හැරෙයි!

ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේදී පසුගිය 30 වනදා රාත්‍රියේ  11.15ට පමණ නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ලැගුම්හලක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු මන්පැන් පානය කරමින් සිටි ඇති අතර ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වුයේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙකි.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

කෙසේවෙතත් එම ත්‍රිත්ව ඝතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුව ඊයේ (04) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ැති අතර මේ වන විට සැකකරුගෙන් ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් තිදෙනාට කිසිඳු පාතාල සබඳතාවක්ද නොමැති බව පොලීසිය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජන හමුවක් අමතමින් කියා සිටියේ සෑම ඝාතණයක් පසුපසම දේශපාලකයෙකු සිටිනා බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka