gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ඝාතකයන් ළගදීම හෙලිවෙනවා සිකුරුයි..- අගරදගුරු

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු තව ටික දිනකින් හෙළිදරව් වන බව සිකුරුයි යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමෝ පවසති.

තම අවංකකම හා වගකීම අමතක කර තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙන බවත් පාස්කු ප්‍රහාරය ද එවැනි විනාශකාරී ක්‍රියාවක් බවත් කාදිනල්තුමා කියයි.

“ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි” යනුවෙන් කාදිනල්තුමෝ කියා සිටිති.

මීගමුව කුරණ සාන්ත ආනා දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයේදී මේ බව ප්‍රකාශ කර ඇත.
නෝමන් පලිහවඩන
Divaina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka