එකලස් කරපු වාහනයක් හංගපු සිද්ධියකට හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුතා අත්අඩංගුවට!
පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවේ අද (18) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවය.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මඟින් ඉකුත් 06 වනදා අලුයම එලෙස සඟවා තිබූ කොටස් කිහිපයක් සිය භාරයට ගනු ලැබීය.
සැකකරුවන් දෙදෙනා හෙට (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ, නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් කොටස් කර සඟවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවය.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මඟින් ඉකුත් 06 වනදා අලුයම එලෙස සඟවා තිබූ කොටස් කිහිපයක් සිය භාරයට ගනු ලැබීය.
සැකකරුවන් දෙදෙනා හෙට (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එකලස් කරපු වාහනයක් හංගපු සිද්ධියකට හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුතා අත්අඩංගුවට!
2025-02-18T22:43:00+05:30
Gossip Lanka Hot News