gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෑවිල්ල දරුණුයි! මේ රස්නය මැයි වෙනකම් අල්ලන්නයි යන්නේ! බොන්නවත් වතුර නැතිවෙන ලකුණු!

දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. මෙම තත්ත්වයත් සමග ජල මූලාශ්‍රයන්ගේ ජල මට්ටම පහත බසිමින් පවතින හෙයින් පානීය ජල සැපයුම සීමාසහිත විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයද පවසයි. 
ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 36.6 වැඩිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී තිබුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශක ”අවධානය යොමුකළ යුතු” මට්ටමක පවතින බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා,

“මෙම තත්ත්වය අපි ඉදිරි දින 2 තුළත් අපේක්ෂා කරනවා. ඉන් පසුව තරමක වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. 24,25,26,27 වගේ. මේක තාවකාලික තත්ත්වයක්.”

“ඉදිරි මාස ගත්තොත්… මාර්තු සහ අප්‍රේල් මාසවල උණුසුම් කාලගුණ තත්ත්වයේ වර්ධනයක් තමයි වෙන්නේ.”

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා,

“අධික උෂ්ණත්වයකට සහ අධික තාපයකට භාජනය වෙන අය අවධානයෙන් කටයුතු කරන්න. සුදු පැහැති ඇඳුම් අඳින්න. වැඩි වශයෙන් ජලය පානය කරන්න. “
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka