පසුගිය අරගල සමයේ හානි වූ නිවාස සහ දේපල සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින් 43 දෙනෙක් කෝටි 122කුත් ලක්ෂ 43 ලක්ෂයක් වන්දි ලබා ගත් ආකාරය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති විසින් අද පාර්ලිමේන්තුවේ දී හෙළදරවු කළේය.
මෙම වන්දි ලබා ගැනීමේ දී කෙහෙළිය රඹුක්වැල්ල ලක්ෂ 959ක්, සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ලක්ෂ 934ක්, ගාමිණී ලොකුගේ ලක්ෂ 779ක් සහ අලි සබ්රි රහීම් ලක්ස 709ක් සහිතව මෙම වන්දි පංගුවේ වැඩිමනත් කොටස හිමි කරගෙන තිබිණි.
නලින්ද ජයතිස්ස ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී කළ කතාව මෙසේය.
පහුගිය 2022 අවුරුද්දේ දේපොල හානි වුනාය කියලා ඒ වෙලාවේ දි කොහොමද රජයෙන් වන්දි අරන් තියෙන්නේ කියන එක. තමන්ට වෙච්චි හානියට. අපි ඒ දවස්වල දැක්කා සමහර දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලපෑම් කරලා තියනවා වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා.
සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ආපදාවක් උනත් පූර්ණ හානියක් වුනාම උපරිම ලක්ෂ 25යි දෙන්න පුලුවන්. හැබැයි මෙන්න බලන්න ඒ දේපල හානිය පාවිච්චි කරලා බලය අතේ තියන අය, හැන්ද අතේ තියන අය කොහොමද මේ වන්දි අරන් තියෙන්නේ කියලා
මම නමින් නම කියවන්නම්.
කපිල නුවන් අතුකෝරල – රුපියල් පන්ලක්ෂ හාරදායහි.
විමලවීර දිසානායක – රුපියල් පන් ලක්ෂ පනස් දාහයි.
ගීතා කුමාරසිංහ – රුපියල් නව ලක්ෂ හැත්තෑ දෙදාහයි
ජනක තිස්සකුට්ටිආරච්චි – එකොළොස් ලක්ෂ හතලිස් තුන් දාහයි
ගුණපාල රත්නසේකර – දාහතර ලක්ෂ දොලොස් දහස් හත්සිය අනුවයි.
ප්‍රේමනාත් සී දොලවත්ත – ලක්ෂ විසි තුනයි
ප්‍රියංකර ජයරත්න – විසිතුන් ලක්ෂ හතලිස් අට දාහයි.
සම්පත් අතුකෝරල – විසි පන් ලක්ෂ හතලිස් දහස් හයසිය දහයයි
ජයන්ත කැටගොඩ – විසි අට ලක්ෂ දාහතර දහස් අටසියයයි
විමල් වීරවංශ – විසි නව ලක්ෂ පනස් හතර දාහයි
මහාචාර්ය චන්න ජයසුමන – තිස් තුන් ලක්ෂ තිස් හතර දාහයි
අකිල එල්ලාවල – තිස් පන් ලක්ෂ පනස් හතර දහස් දෙසීය පනහයි
චමල් රාජපක්ෂ – හැට පන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැත්තෑ හතරයි
චන්දිම වීරක්කොඩි හැට නව ලක්ෂ හතලිස් අට දහස් අටසීයයි
අශෝක ප්‍රියන්ත – රුපියල් හැත්තෑ දෙලක්ෂ අනූ පන් දාහයි
සමන්ප්‍රිිය හේරත් – ලක්ෂ 105.2යි.
ජනක බණ්ඩාර තෙන්නකෝන් – ලක්ෂ 105.5යි.
රෝහිත අබේගුණවර්ධන – ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල – ලක්ෂ 137.8යි
සහන් ප්‍රදීප් – ලක්ෂ 171.3යි.
ශෙහාන් සේමසිංහ – ලක්ෂ 185.1යි
ඉන්දික අනුරුද්ධ -ලක්ෂ 195. 5යි
මිලාන් ජයතිලක – ලක්ෂ 223යි
දොස්තර රමේෂ් පතිරණ – ලක්ෂ 281යි
දුමින්ද දිසානායක – ලක්ෂ 288යි
කනක හේරත් – ලක්ෂ 292යි.
ඩී.බී හේරත් – ලක්ෂ 321යි
ප්‍රසන්න රණවීර – ලක්ෂ 327යි.
ඩබ්ලියු.ඩී. වීරසිංහ – ලක්ෂ 372යි
ශාන්ත බණ්ඩාර – ලක්ෂ 391යි.
එස්.එම් චන්ද්‍රසේන – ලක්ෂ 438යි
සනත් නිශාන්ත – ලක්ෂ 427යි
සිරිපාල ගම්ලත් – ලක්ෂ 509යි
අරුන්දික ප්‍රනාන්දු – ලක්ෂ 552යි
සුමිත් උඩුකුඹුර – ලක්ෂ 559යි
ප්‍රසන්න රණතුංග – ලක්ෂ 561යි
කෝකිලා ගුණවර්ධන – ලක්ෂ 587යි
මොහාන් පී ද සිල්වා – ලක්ෂ 601යි
නිමල් ලන්සා – ලක්ෂ 692යි
අලි සබ්රි රහීම් – ලක්ෂ 709යි
ගාමිණී ලොකුගේ – ලක්ෂ 779යි
ජොන්ස්ටන් ප්‍රනාන්දු – ලක්ෂ 934යි
කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි.
පහුගිය අරගලය සමයේ තම දේපල හානිවලට රජයෙන් ගත්තු වන්දි. මේ 43 විතරක් අරන් තියනවා එකසිය විසි දෙකෝටි හතලිස් දෙලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක් අරන් තියනවා.
-lankasara