gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්ද පොරොන්දු කඩන දේශපාලකයින්ට එරෙහි නීති ගෙනෙන්නට අවශ්‍ය සංවාදයක් ඇරඹී චම්පික ලා සූදානම් වෙයි!

දේශපාලන පක්ෂ හෝ නායකයින්, දේශපාලඥයන් මේ රටේ ඡන්දදායකයාට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති, පොරොන්දු කඩ කරන අවස්ථාවක දී අධිකරණය ඉදිරියේ පුරවැසියාට හෝ ඡන්ද දායකයාට සිය නියෝජිතයාට අභියෝග කළ හැකි, ඔහුගේ පදවිය පවා අහෝසි කළ හැකි, එමෙන්ම සාධාරණ වන්දියක් ලබාගත හැකි, නීතිමය ප්‍රතිපාදනයන් අවශ්‍යය බව ජාතික ජනරජ පෙරමුණ ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව දක්වන්නේ ජාතික නිදහස් දිනය දා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ඔවුන් විසින් ලේඛනගත කර ඇති ජාතික වගවීමේ ප්‍රකාශනයක් දළදා වහන්සේ හමුවෙහි ඉදිරිපත් කරමිනි.

පොරොන්දු කඩ කරන දේශපානඥයින් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පුරවැසියා සමග සංවාදයක් ඇති කරගෙන අවශ්‍යය ව්‍යවස්ථා සංශෝධන හා නීති ප්‍රතිපාදන සකස් කිරීමටත් දේශපාලන පක්ෂ හා නායකයන්ගේ ප්‍රතිපත්ති හා පොරොන්දුවල පිරිවැය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලය ලැබෙන ප්‍රතිපාදන සකස් කිරීමටත් සියලු දේශපාලන පක්ෂ හා දේශපාලඥයෝ එකඟ විය යුතු බවට මෙහිදී එම පක්ෂය යෝජනා කර ඇත. .

මංජුසාවක බහා දළදා මාලිගාවට රැගෙන ආ ජාතික වගවීමේ ප්‍රකාශනය පත්තිරිප්පුව ඉදිරිපිට සිට ඉදිරිපත් කළ අතර එහි මෙසේ සඳහන් වේ.

දේශපාලන පක්ෂ හා නායකයන් විසින් මැතිවරණයකට පෙර ප්‍රකාශ කරන හා පොරොන්දු ලබා දෙන ලිඛිත , වාචික ප්‍රතිපත්ති හා ස්ථාවරයන් බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම හා ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේ කිරීම වර්තමානයේ ද අතීතයේ ද දැකගත හැකි වංචනික දේශපාලනික ක්‍රියාවලියකි. නියෝජිත ප්‍රජාතන්ත්රවාදයේ පදනම වනුයේ පුරවැසියා නොහොත් ඡන්දදායකයා හා දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර ඇති වන සමාජ සම්මුතිය බව අප පිළිගන්නෙමු.

එමෙන්ම නිදහස් මැතිවරණ වලින් බලයට පත්වන මහජන නියෝජිතයින් සිය ලිඛිත හා වාචික ප්‍රකාශන ක්‍රියාත්මක කරලීම සක්‍රීය ප්‍රජාතන්ත්රවාදී සමාජයක අවංකභාවය හා ප්‍රායෝගිකත්වය පිළිබඳ අත්‍යවශ්‍යය පූර්ව කොන්දේසියක් බවද අප පිළිගන්නෙමු. එහෙයින් මැතිවරණයට පෙර දේශපාලන පක්ෂ හා නායකයින්ගේ ලිඛිත හා වාචික ප්‍රකාශන හා පොරොන්දු ඉටු කිරීම සඳහා නීතිමය වටපිටාවක් අත්‍යවශ්‍යය බැව් අපි මෙහිදී අවධාරණය කරන්නෙමු.

දේශපාලන පක්ෂ හෝ නායකයින්, දේශපාලඥයන් මේ රටේ ඡන්දදායකයාට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති, පොරොන්දු කඩ කරන අවස්ථාවක දී අධිකරණය ඉදිරියේ පුරවැසියාට හෝ ඡන්ද දායකයාට සිය නියෝජිතයාට අභියෝග කළ හැකි, ඔහුගේ පදවිය පවා අහෝසි කළ හැකි, එමෙන්ම සාධාරණ වන්දියක් ලබාගත හැකි, නීතිමය ප්‍රතිපාදනයන් අවශ්‍යය බව අපි අවධාරණය කරන්නෙමු.
මේ සඳහා වූ සංවාදයක් පුරවැසියා සමඟ ඇති කරගෙන අවශ්‍යය ව්‍යවස්ථා සංශෝධන හා නීති ප්‍රතිපාදන සකස් කිරීමටත් දේශපාලන පක්ෂ හා නායකයන්ගේ ප්‍රතිපත්ති හා පොරොන්දුවල පිරිවැය පිළිබඳ නිවැරදි තක්සේරුවක් කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලය ලැබෙන ප්‍රතිපාදන සකස් කිරීමටත් සියලු දේශපාලන පක්ෂ හා දේශපාලඥයෝ එකඟ විය යුතු බවට මෙහිදී අප යෝජනාවක් කරන්නෙමු. මේ යෝජනාවට එකඟ නොවන දේශපාලන පක්ෂ හා දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමට මෙරට ජනතාව දැනුවත් කිරීම සඳහා අප පෙරමුණ ගන්නෙමු.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka