සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායකට ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු ඊයේ (5) නියෝග කළාය.
එක්තරා පෞද්ගලික නාළිකාවක් විසින් 2017 වසරේදී විකාශනය කළ වැඩසටහනක දි සී.බී. රත්නායක විසින් තමා මහ බැංකු බැඳුම්කර ෆුට්නෝට් කල්ලියේ සාමාජිකයෙකු බවට කළ ප්‍රකාශයක් ප්‍රචාරය වූ බවත් එකී අසත්‍ය ප්‍රකාශය නිසා තමාට අපහාසයක් සිදුවූ බැවින් ඊට වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා සුජීව සේනසිංහ එම නඩුව පවරා තිබිණි.
වසර හතකට ආසන්න කාලයක් විභාග කළ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය එම නියෝගය කළා ය.
දිසා අධිකරණය නිකුත් කළ එම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ගොනු කරන බව සී.බී රත්නායක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
-lankasara