gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ… දිනකට පාස්පෝට් 4000ක් නිකුත් කිරීමේ ඉලක්කයක්!

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු සහගත තත්ත්වයට විසඳුමක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක කරමින් දිනකට විදේශ ගමන් බලපත්‍ර හාරදහසක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල තීරණය කර තිබේ.

මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අතිරේක කාර්ය මණ්ඩලයක් අවශ්‍ය බැවින්, දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාමලත් නියෝජ්‍ය පාලක හා සහකාර පාලක ලෙස කටයුතු කළ කීප දෙනකුගේ සහාය ලබාගැනීමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද ( 05) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් පැවසුවේය.

මෙම ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම සඳහා රාජ්‍ය සේවයේ එකඟතාවය මත දැනට රාජ්‍ය සේවයේ නිරත, රාජ්‍ය සේවයේ කළමනාකාර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒ සඳහා බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇතැයි ඇමතිවරයා පැවසීය
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka