ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නාමල් රාජපක්ෂට අද සිතාසි නිකුත් කළේය. ඒ ක්‍රිෂ් ගනුදෙනුව හරහා රුපියල් මිලියන හැත්තෑවක් සාපරාධී සාවද්‍ය පරිහරණය පිළිබඳව පවරා ඇති නඩුවට අදාලවය.
විත්තිකාර නාමල් රාජපක්ෂට අධි චෝදනා භාර දීම සඳහා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරනිි. දූෂණ විරෝධී හඬ කමිටුවේ සභාපති වසන්ත සමරසිංහ විසින් 2016 වසරේ දී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනතුරුව මෙම නඩුව නීතිපතිවරයා විසින් පවරා තිබිණි.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක් ලබා ගෙන සාපරාධී සාවද්‍ය පරිහරණයක් සිදුකිරීම නාමල් රාජපක්ෂට ගොනු කර ඇති චෝදනාවය.
-lankasara