gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වටේ කෙටූ කොට්ටේරුවෝ හොට පටලවාගත් සේක!

වරායේ ඇතිව තිබූ අර්බදකාරී වාතාවරනය හේතුවෙන් පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් තොගයක් සම්බන්ධයෙන් විපක්ෂයේ නොයෙකුත් පරාජිත කණ්ඩායම් සහ මාධ්‍ය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතාට එරෙහිව එල්ල කළ අභූත චෝදනාවන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට එතුමා තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිය කීර්තිනාමයට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට ඔහු සූදානම් වෙයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

“පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම ඊයේ CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා.

පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මගේ කීර්තිනාමයට සිද්ධවෙන හානිය දාරාගන්න බෑ”.

මේ සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කළ පිරිස් අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රධාන වෙයි.

විමල් වීරවංශ මහතා පසුගිය සතියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ දූෂණය හා වංචාව ගැන කතා කෙරූ වත්මන් ආණ්ඩුව බහාලුම් තොගයක් පරික්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර ඇති බවත් එලෙස නිදහස් කළ බහාලුම් තොගය වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙකුට අයත් ඒවා බවත් ය.

වෛරය වපුරවා බලය ලබාගත් ආණ්ඩුව කිසිඳු පරික්ෂා කිරීමකින් තොරව බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දෙනවා නම් එය බරපතල කාරණාවක් බවත් එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka