gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“රොහින්ග්‍යා සරණාගතයන්ටත් රටෙන් ඉඩක් දෙමු” - සජබෙන් ඉල්ලීමක්!

මුලතිව් මුහුදේදී අතරමංව සිට බේරාගත් මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන් යලි එරටට පිටුවහල් කිරීම ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රික වශයෙක් කැළලක් වනු ඇති බව සමගි ජන බලවේග කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියි.

මුජිබර් රහුමාන් මහතා ඔහුගේ ලිපියේ දක්වා ඇති පරිදි, රොහින්ග්‍යා සරණාගතයන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර, මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අභියෝගයක් බවට පත්වනු ඇත.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ, මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයන්ට එරට තුළ අඛණ්ඩව මානව හිමිකම් උල්ලංඝනය වී ඇති අතර, ඔවුන් යලි එරටට පිටුවහල් කිරීම ඔවුන්ගේ ජීවිත සහ ආරක්ෂාව අවදානමට ලක් කිරීමක් බවයි.

මුජිබර් රහුමාන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යොමු කරන ලද ලිපියේ දක්වා ඇත්තේ, “රොහින්ග්‍යා සරණාගතයන් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ඉල්ලීමයි.

කෙසේවෙතත් මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය තවමත් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka