ජාතික හොරු නැව් ගිලිද්දී පළාත් හොරු ඔරු පාරු ගිලලා!
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ දකුණු පළාත් සභාවේ ආයතන නමින් ලියාපදිංචි කර තිබූ වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම වාර්තාව අනුව, එම ආයතන නමින් ලියාපදිංචි කර තිබූ වාහන 178ක් සහ යතුරුපැදි 07ක් ඇතුළුව මුළු වාහන 201ක් භෞතික වශයෙන් සොයාගත නොහැකි අතර, මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර තිබූ වාහන 04ක ද භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් විගණන කාර්යාලය විසින් වැඩිදුර පරීක්ෂණ සහ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, මෙම තත්ත්වය පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම තත්ත්වය පිළිබඳව දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් මේ වනවිටත් ප්‍රතිචාර දක්වා නැත.
ජාතික හොරු නැව් ගිලිද්දී පළාත් හොරු ඔරු පාරු ගිලලා!
2025-01-06T06:22:00+05:30
Gossip Lanka Hot News





