වැඩ බැරි දේශපාලඥයන් බැරිකම වහගන්න අපට මාෆියාකාරයන් කියනවා - ඩඩ්ලි
වැඩ බැරි දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි අඩුපාඩු වහගන්න තමන් වැනි ස්වොත්සාහයෙන් ගොඩනැගුනු මිනිසුන් එදා සිටම නොයෙකුත් කතා අහගෙන ඇතැයි අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
තම සමාජ ජාති ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.
“එදා ඉඳන්ම වැඩ බැරි දේශපාලඥයන්ගෙ සහ රාජ්‍ය නිළධාරීන්ගෙ වැරදි අඩුපාඩු වහගන්න අපි වගේ ස්වෝත්සාහයෙන් ගොඩනැඟුණු මිනිස්සු නොයෙකුත් විදියෙ කතා අහගත්තා. ලෝකෙන්ම ලොකුම වී සයිලෝ ගබඩා පහසුකම තියන වී මෝල රටට දායාද කරලත්, ‘මාෆියාකාරයා’ කියන ලේබල් එක අලවගෙන, රට වෙනුවෙන් වැඩ කරන එකේ තෘප්තිය මම නොඅඩුවම වින්දා.
ඒත්, මම අද වගේම හෙටටත් රට වෙනුවෙන් වැඩ කරනවා. රට වෙනුවෙන් ආයෝජනය කරනවා. මොකද මම සහ මගේ පුත් දිමිත්‍ර ඇතුලු කණ්ඩායමට මේ රටට දෙයක් කරන්න ඕන කියන අවංක උණ තවමත් තියනවා”
වැඩ බැරි දේශපාලඥයන් බැරිකම වහගන්න අපට මාෆියාකාරයන් කියනවා - ඩඩ්ලි
2025-01-06T11:44:00+05:30
Gossip Lanka Hot News





