gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතින් ගෙවා උඩින් ගිය ගුවන් මේනියා ගැන තවත් අනාවරණයක්!

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත (RTI) යටතේ කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගුවන් හමුදාව විසින් ලබාදී ඇති තොරතුරු වල දැක්වෙනේ 2024 වසරේ පැවති මැතිවරණ ව්‍යාපාරයේදී ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් රුපියල් මිලියන 56කට වඩා ආදායමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව උපයාගෙන ඇති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගුවන් ගමන් 23ක් සඳහා රුපියල් මිලියන 29.09ක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ගුවන් ගමන් 11ක් සඳහා රුපියල් මිලියන 20.75ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 1.44ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුදල් අයකරගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වත්මන් ජනපති මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර කිසිදු ගුවන් යානයක් භාවිත කර නොමැත.

ඊට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් දෙකක් සඳහා රුපියල් මිලියන 2.68ක්, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ එක් ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.24ක් සහ හිටපු ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ගුවන් ගමනක් සඳහා රුපියල් මිලියන 1.6ක් ගුවන් හමුදාව මගින් අය කරගෙන ඇත.

එම පිරිස් පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයට අදාළව 2024 අගෝස්තු 15 වැනි දින නාමයෝජනා භාරදීමේ සිට 2024 සැප්තැම්බර් 18 වැනි දින මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන තෙක් දින 34ක් පුරා විටින් විට මෙම සේවාව ලබගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ, මැතිවරණ කාලය තුළ ගුවන් ප්‍රවාහනයට ඉන්ධන ලීටර් 42,000ක් සඳහා රුපියල් මිලියන 9ක් වියදම් කළ බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka