gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තව මාස දෙකයි.. ෆයිල් ටික උසාවි එනවා.. ආණ්ඩුව පෙරළන්න හදන විපක්ෂ අය පෝලිමට බන්ධනාගාරයට!

මේ ආණ්ඩුව පෙරළන්න බලන් ඉන්න කට්ටිය බන්ධනාගාර වලට පෙරළිලා යන බවත් මේ ආණ්ඩුව හතුරුකම් කරපු දේශපාලකයෝ සහ ඉහළම තලේ නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ තීන්දු ගන්නා බවද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කළේ,

“ජාතික ජන බලවේගය තමයි ආණ්ඩු කරන්නේ. වංචා දුෂණ නවත්වනවා. අනිවාර්යෙන්ම රට තැනකට අපි අරගෙන එනවා. ඒකට අපි කටයුතු කරන්න සුදානම්. දැන් මෙතන ඉන්නවා මගේ ඥාති හිතවතුන්. අපි දන්න අයනේ මේ ඉන්නේ. මං ඇමැති කෙනෙක් වුණා කියලා සතුටු වෙන එක ගැන සන්තෝසයි. නමුත් මේ ඇමැතිකම අපි පෞද්ගලිකව සලකන්නේ ඔටුන්නක් හැටියට ආභරණයක් හැටියට නෙවෙයි. අපි දේශපාලනයේ ඉතාම දුෂ්කර කාලයක් පහුකරගෙන ඇවිල්ලා දැන් තමයි යම් ජයග්‍රහණයක් ලබලා තියෙන්නේ. මේ දේශපාලනය අත අරින්නේ නැතිව මේ ගමන ආවේ.

හිතේ එක හීනයක් තියෙනවා අපේ පක්ෂයේ කාගෙත් හීනේ තමයි මේ කවුරුත් දන්නවා. අපේ මිනිසුන්ට අනාගතයක් හදන්න ඕනි. ඒකට මේ ඇමැතිකම ගත්තා මිස වන බලාපොරොත්තුවක් නැහැ. අපි අනිවාර්‌යෙන් මේ රට හදනවා. ඒ අරමුණ අපි ඉන්නවා, ආය කිසි කෙනෙකුට මේ මන නවත්වන්න පුළුවන්කමක් නැහැ. අපේ කාලෙන් අපි ආණ්ඩුව කරලා අපේ ඉළඟ පරම්පරාවටත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් එන්නේ.

ආණ්ඩුව ආයේ කපේට පෙරළන්න අපි ඉඩ තියන්නේ නැහැ. දුක් විඳලා විඳලා කට්ට කාලා සියයට තුනේ ඉඳලා අත අරින්නේ නැතිව හදා ගත්ත ආණ්ඩුව අත අරියි කියලා ද හිතන්නේ. අපි මේක අතඅරින්නේ නැහැ. තිබ්බට වඩා දැන් ගැනීම අරගෙන තියෙන්නේ හොඳ සංවිධාන බලයක් හදනවා රටේම. මේ ආණ්ඩුව කාටවත් පෙරළන්න බැරි ඇයිද දන්නවාද.? බැරි වෙන්න හේතු දෙකක් තියෙනවා.

ප්‍රධාන එකක් තමයි අපේ පොරොන්දු වුණු දේ අකුරක්, කොම්බුවක්, ඇලපිල්ලක්, තිතකට පවා වගකියලා අනිවර්යෙන් ඔය පොරොන්දු වුණ සියල්ලම සියයට සියය පන්නලා අපි ඉෂ්ට කරලා දෙනවා ආදරණීය ඔබ සැම වෙනුවෙන්. දැන් ඒ විදිහට පොරොන්දු ඉෂ්ට කළාම අණ්ඩුව පෙරෙළෙයිද.? තවත් ශක්තිමත් වෙයිද.? නොදීපු ඡන්දත් දෙනවා. ඒ හින්දා මේක පෙරළන්න බැහැ.

දෙවැනි හේතුව මොකක්ද දන්නවාද.? මේ ආණ්ඩුව පෙරළන්න බැරි ඔය පෙරළනවා පෙරළනවා කියලා පාරම්බාන විපක්ෂයේ කට්ටිය ඉන්නවා නේද.? ඒ කට්ටියට එළියට පෙනුනේ නැති වුණාට දැන් ඇතුළේ වැඩ ටික යනවා. ෆයිල් ටික හැදෙනවා. පරීක්‍ෂණ කෙරෙනවා. නීතිඥයෝ වැඩ. නඩු ටික ගොනුවෙනවා. මාස දෙක තුන යනකොට එක දෙක නඩු උසාවියට එනවා. නඩු ටික අහනවා. අධිකරණයෙන් තීන්දු ටික දෙනවා. පෙරළන්න ඉන්න කට්ටිය පෙරළිලා බන්ධනාගාරවලට පෙරළිලා යනවා. එතකෙට මේක පෙරළන්න එකෙක් ඉතිරිවෙන්නේ නැහැ.

ඒ හින්දා පක්ෂ හිතන්න එපා. මේ රට මේ විපතෙන් ගොඩගන්න ඕන. අපි කවුරුත් එක්කහු වෙලා අපි ඒක අනිවාර්යෙන් ගන්නවා. කලබල වෙන්න එපා. දවසින් දෙකෙන් මේක හදන්න බැහැ. වසර හැත්තෑ හයක් විනාශ කරලා තියෙන රටක් බංකොලොත් වෙච්ච රටක් අපිට පුළුවන්ද මාසෙන් දෙකෙන් තුනෙන් ගොඩ දාන්න. දරුවෙක් ඉපදුනාම ඇවිදින්න වයසක් තියෙනවා. දැන් ආණ්ඩුව තිබුණට වඩා වේගෙන් යනවද නැද්ද යනවා හොඳට කරගෙන යනවා. එතකොට හතුරා කලබල වුණාට ජනතාව කලබල වෙන්න එපා.”

රිදීමාලියද්දේ පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මේ බව සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka