gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය සංචාරයෙන් පසු රනිල් CIDයට.. තනියට දිනේෂ් ගුණවර්ධනත්!

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පසුගිය වකවානුව තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182 ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය නිමකර යළි දිවයිනට පැමිණි පසු මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ගැනීමට නියමිත අතර හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්ද ඊට අදාළ ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇත.

ප්‍රශ්ණගත කැබිනට් පත්‍රිකාවේ රටට අවශ්‍ය ඖෂධ මොනවාද යන්න පිළිබඳව සඳහන් කර නොතිබියදී එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන්නේ කුමන පදනමක් යටතේදැයි එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස විනිසුරු ලෝවනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට දුන් අවසරයකට අනුව එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ කැබිනට් අමාත්‍යවරුන් රහස් පොලිසියට කැඳවා ප්‍රකශ ලබාගත්තේය.

ඒ අනුව, පසුගිය අන්ඩුවේ කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ඩග්ලස් දේවාවන්ද, හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, පුශ්ප කුමාර, නසීර් අහමඩ් සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් රහස් පොලිසිය විසින් මීට පෙර අවස්ථා වලදී ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka