gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල් පුංචි කාර් පදින්න පුරුදුවෙයි – මිනිස්සුන්ටත් කොහොම හරි තුන්වේල කන්න දෙන්න කියා ආණ්ඩුවට කියයි (VIDEO)

වසර පුරා ජනතාවට අවම වශයෙන් දිනකට තුන්වේල වේල ලබාදීමට වත්මන් ආණ්ඩුවට හැකිනම් එය ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සමඟ කුඩා ප්‍රමාණයේ Viva Elite මෝටර් රථයක ඉදිරිපස මගී අසුනේ ගමන් කරමින් සිටියදීය.

රූපවාහිනී කැමරා ශිල්පියෙකුට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එය ක්‍රියාත්මක වන ආකාරය බැලීමට තමා “පුහුණු” කරන බවයි.

සාගර කාරියවසම් රිය පැදවූ අතර රාජපක්ෂ මන්ත්‍රීවරයා මගී අසුනේ වාඩිවී සිටියේය.

රාජපක්ෂ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියාසිටියේ අලුත් අවුරුද්ද මේ වන විට හොඳින් ගෙවී යන බවයි.

කැමරා ශිල්පියාට ප්‍රතිචාර දක්වමින් ඔහු කියාසිටියේ, “අපි මේ විදියටම ගියොත් කමක් නැහැ, නමුත් අවුරුද්ද පුරාම මිනිසුන්ට දවසකට වේල් තුන කන්න ආණ්ඩුව මිනිස්සුන්ට හදල දුන්නොත් ඇති” යනුවෙනි.

“ජනතාව බලය දුන්නේ ආණ්ඩුවට” ඔහු තවදුරටත් කියා සිටියේය. “අපිත් පොඩි කාර්වල යන්නම්. මන්ත්‍රීවරුත් එහෙමනේ යනවා කියන්නේ. හැබැයි මිනිස්සුන්ගේ ආර්ථිකේ ආණ්ඩුව හදල දුන්නොත් ඇති.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka