gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොට්ටහච්චිට අපහාස කළේ විනාඩි 8යිලු – අන්තිමේ නම්මුනිට ගෙදර යන්න ලැබෙයි!

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට අපහාස වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට සඳහන් කළේය.

සැකකරු විසින් ලිංගික අඩම්තේට්ටම් සිදුවන ආකාරයෙන් පළකරනු ලැබූ ප්‍රකාශ හේතුවෙන් පැමිලිකාරිය දැඩි මානසික පීඩාවට ලක් වූ බවත්, මේ හේතුවෙන් ඇයට වෛද්‍ය සායනවලට පවා යොමුවීමට සිදුවී ඇති බවත් එම නිලධාරීන් දැනුම් දෙන ලදී.

මෙම සැකකරු පැමිලිකාරිය සම්බන්ධයෙන් පෝස්ටු පළකළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත්, මීට පෙර හතරවතාවක් පමණ මේ ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙන බවත් එම නිලධාරීන් සඳහන් කර සිටියේය.

සැකකරු විසින් මෙම පෝස්ටුව ප්‍රදර්ශනය කළේ විනාඩි අටක් පමණක් බවත්, ඉන් පසුව එය ඉවත් කරගෙන ඇතැයි පෙන්වාදුන් නීතිඥවරයා, මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

පැමිණිල්ල නැවත ජනවාරි මස 30 වන දා කැඳවීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka