gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාලිමා මන්ත‍්‍රීට බ‍්‍රිතාන්‍යට ඇතුළුවීමට ඉඩ නොදේ.. විසා ප‍්‍රතික්‍ෂෙප කෙරේ!

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බි‍්‍රතාන්‍ය විසින් එරටට ඇතුළු වීමට වීසා බලපත් ලබා දීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබියදී මෙම ප‍්‍රතික්‍ෂෙප කිරීම කර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල මන්ත‍්‍රීවරුන් සදහා පැවැත්වෙන තොරතුරු තාක්ෂණ වැඩසටහනක් සඳහා සහභාගී වීමට එරටට යාමට වීසා අයදුම් කිරීමේදීය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසාද් සිරිවර්ධන මහතා පැවසුයේ තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවකු බව කියමින් මෙම මන්ත‍්‍රීවරයා කල ඉල්ලීම පිලි නොගනිමින් වීසා අයදුම්පත ප‍්‍රතික්‍ෂෙප වී කර ඇති බවයි.

ඒ අනුව එම ආණ්ඩුව නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු එම අවස්ථාවට නොගිය බවත් විපක්‍ෂයේ මන්ත‍්‍රිවරයෙකු පමණක් ඊට එක් වූ බවත් හෙතෙම පැවසීය.

මෙම මන්ත්‍රීවරයා ඉංජිනේරුවකු බව පවසා ජනතාව රවටමින් පාර්ලිමේන්තු පිවිස ඇතැයිද ඔහු පැවසුවේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka